මගේ නාමයෙන් නම් නොවේ: ආගමික අන්තවාදයට එරෙහිව

ඔබේ නම ඇතුළත් කර, ප්‍රචණ්ඩත්වයට එරෙහි වන්න!

සිදුවූයේ කුමක්ද?

මීට සතියකට ඉහතදී බෞද්ධ භික්ෂූණ් වහන්සේලා ඇතුළු සිංහල ජාතිකයින් 2000කින් පමණ සමන්විත වූ මැර කණ්ඩායමක් දඹුල්ලේ මුස්ලිම් පල්ලියට කඩා වැදුණහ. මේ මැර කණ්ඩායමේ පෙරමුණ ගත්තේ දඹුලු රංගිරි පාර්ශවයේ මහානායක ඉනාමලුවේ සුමංගල ස්වාමීන් වහන්සේයි. මුස්ලිම් පල්ලිය අනවසර ඉදිකිරීමක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදි. නමුත් මෙය කෙතෙක් දුරට නිවැරදි කරුණක්ද යන්න තවමත් පැහැදිලි නැත.

එම සිදුවීම පිළිබඳව ශ්‍රී ලංකාවේ ජාතික රුපවාහිනී නාලිකාවල ප්‍රචාරය වුණු, මේ වන විට ශදම එමඉැ චැනලය හරහා ලෝකයටම විවෘත වී ඇති, වීඩියෝ දර්ශනවලින් පෙන්නුම් කරන  ප්‍රචණ්ඩත්වයේ තරම සහ ස්වභාවය අදහාගත නොහැකි තරම්ය. භික්ෂූණ් වහන්සේලා කිහිප නමක්ම තර්ජනාත්මකව අත පය විසිකරමින්,  සහ පරුෂ වචනයෙන් කෑ ගසමින් හැසිරෙන ආකාරය ඒ වීඩියෝ දර්ශන වලින් දැක ගත හැකියි. එක් භික්ෂුවක් මුස්ලිම් පල්ලිය ඉදිරියේ තම සිවුර ලිහා දමා උඩුකය නිරාවරණය කර පෙන්නවමින් කෑ ගසයි. ඒ උන්මත්තක මැර ක්‍රියාවලිය, ශ්‍රමදානයක් ලෙස හඳුන්වන ඉනාමලුවේ සුමංගල ස්වාමීන් වහන්සේ, පල්ලිය කඩා දැමීම සඳහා ආණ්ඩුවේ සහය ලැබිය යුතුයැයි කියා සිටින ආකාරය එක් වීඩියෝ පටයකින් පෙන්නුම් කෙරේ.

භික්ෂුණ් වහන්සේලා හමුදා භටයින් සහ පොලිස් නිලධාරින් සමග පොර බදිමින් ඉතා අශෝභන ලෙස හැසිරෙන අකාරය සේම, මුස්ලිම් පල්ලියට සහ අසල ඇති හින්දු කෝවිලට පරිභව කරමින් ඉනාමලුවේ සුමංගල ස්වාමින් වහන්සේ සහ අනෙක් භික්ෂූණ් වහන්සේලා විසින් මුදා හළ අතිශය වර්ගවාදී ප්‍රහාරාත්මක භාෂාව අසා සිටින්නන් තැතිගන්වන සුළුය. දහස් ගණනින්  සක්‍රිය සාමාජිකයින් සම්බන්ධ වී සිටින මුස්ලිම් විරෝධී, අධිපතිවාදී සිංහල බෞද්ධ ෆේස් බුක් කණ්ඩායම් විසින් අන්තර්ජාලයට මුදාහරින ලද කියුම් සහ ප්‍රකාශයන්  අතිශයින් භයංකාර ඒවාය.

සිදුවීමෙන් සතියක් ඉකුත් වී ගොස් ඇති නමුත් ඒ දරුණු, වර්ගවාදී හැසිරීම, තවමත් ජනාධිපති හෝ ආණ්ඩුව හෝ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් හෝ හෙළා දැක නැත. කතා කරන දේ එතරම් පැහැදිලිව ඇසෙන්නේ නැති,  වීඩියෝ දර්ශන වලට ප්‍රතිචාරයක් ලෙස, පූජ්‍ය ඉනාමලුවේ සුමංගල ස්වාමීන් වහන්සේ,  ඊඊක්‍ යට කියා ඇත්තේ, රූපවාහිනියේ ප්‍රචාරය වූ වීඩියෝ දර්ශන, ව්‍යාජ ලෙස සකස් කරන ලද ඒවා බවයි. උත්ප්‍රාසය වන්නේ, එම සිදුවීමේ වඩා විස්තරාත්මක වීඩියෝ දර්ශන උන් වහන්සේගේ මාධ්‍ය අංශයේ වෙබ් අඩවියේමත් පළ කර තිබීමයි. අප්‍රේල් 25 වන දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් , සිංහල භාෂාවෙන් පමණක් නිකුත් කළ ප්‍රකාශයේ මේ ප්‍රචණ්ඩත්වය ගැන සඳහන් කර තිබුණේ ‛‛ සුළු අනවබෝධයක්’’ හැටියටයි. එසේ නමුත් ”‛‛ලංකාව බහු ආගමික, බහු වාර්ගික, ජන සමාජයක් සිටන රටක්’’ බවත් එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන්ම, රජයේ ප්‍රතිපත්තිවලට ද, අනුකූල වෙමින් දිගු කලක් රටතුළ පැවත එන සම්ප්‍රදායන්වලටද ගරුකරමින්, ශ්‍රී ලාංකික සමාජය කටයුතු කරන්නේ අනෙකා පිළිබඳ ගෞරවනීය හැඟීමෙන්’’ බවත් එහි  නැවත නැවතත් සඳහන් වෙයි.

ප්‍රතිවිපාකයන් මොනවාද?

දඹුල්ලේ ප්‍රචණ්ඩත්වය ගැන ඡායාරූප, හඬ පට සහ වීඩියෝ දර්ශන ලෝකය පුරාම සංසරණය විය. ඒවා මකා දැමිය හැකි නොවේ. සුළු පිරිසක් විසින් දියක්කළ මේ ක්‍රියාව බහුතරය විසින් අනුමත නොකරන බව අවධාරණය කරමින්, මුස්ලිම් කවුන්සිලය ඇතුළු සංවිධාන සහ පුද්ගලයින් ගණනාවක්ම, මේ අවස්ථාවේදී ඉවසිලිවන්තව කටයුතු කරමින්,  අර්බුදය විසඳීමට  සාමකාමී සහ බුද්ධිමත් ප්‍රවේශයක් ගත යුතුයැයි මහජනයා වෙත  ඉල්ලීම් නිකුත් කර ඇති නමුත්,  මේ සිදුවීම සහ එය මෙහෙය වූ අයවලුන් විසින් ප්‍රකෝපයට පත් කරවන ලද මුස්ලිම් ප්‍රජාවේ ඇතැම් කොටස්  ප්‍රති ප්‍රචණ්ඩත්වයට යොමු වීමේ අවදානමක් ගොඩනැගෙමින් පවතී.

මේ සම්බන්ධව ප්‍රබල මැදිහත්වීමක් සිදු නොවුණහොත්, නැතිනම් සුළු සිදුවීමක් යැයි සලකා මතුපිට තාවකාලික විසඳුම් ඉදිරිපත් කර මගහැර යාමක් සිදුවුවහොත්, මේ සටන්කාමී ආගමික අන්තවාදය ඉතා සුළු කලකින් රටේ විශාල ප්‍රදේශයක පැතිරී යනු ඇති අතර, එය ප්‍රශ්චාත් යුද ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය කෙරෙහි බරපතල අභියෝගයක් එල්ල කරනු ඇත. සිංහල බෞද්ධ ප්‍රජාවේ සහ මුස්ලිම් ප්‍රජාවේ අන්තවාදීන්ට දඹුල්ලේ ඇති වූ මේ ගිනි අවුලුවන සුළු සිදුවීම, ජාතීන් අතර උද්වේගකර ආතතියක් ඇති කොට ජනයා උසිගැන්වීමට  පාවිච්චි කළ හැකිය. එසේ වුවුහොත් සමාජයේ භීතිය සහ අනාරක්ෂිතභාවය තව තවත් ඉහළ යෑමට ඉඩ ඇත.

අපට කළ හැක්කේ මොනවාද?

රංගිරි දඹුලු පාර්ශවයේ මහානායක ස්වාමීන් වහන්සේ විසින් නායකත්වය දුන් භික්ෂු කණ්ඩායම සහ මැර කල්ලිය හැසිරුණු ලජ්ජා සහගත අකාරයත්, පරුෂ වචනයෙන් කෑ ගසමින් ඔවුන් කියූ දේවලුත් බුදුන් දෙසු ධර්මයට කිසි ලෙසකින්වත් පෑහෙන්නේ නැත. ඔවුන්ගේ හැසිරීම බෞද්ධ දර්ශනයට අනුව, බෞද්ධ භික්ෂුවක් හැසිරි යුතු ආකාරය හෝ කතාකල යුතු ආකාරයට සම්පූර්ණයෙන් පරස්පරය. ශ්‍රී ලංකාව නැවතත්, මාධ්‍යවල කතා බහට  ලක්වෙන ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත් කරමින්,  සුළු පිරිසක් විසින් දියත් කළ මේ නින්දා සහගත ක්‍රියාව පිළිබඳ තමන්ගේ බලවත් කණස්සල්ල පළ කරමින්  මේ වන විටත් බොහෝ දෙනෙක් අන්තර්ජාලය ඔස්සේ අදහස් පළ කර ඇත.

මේ මොහොතේ කරන්නේ කුමක්දැයි අපට තෝරාගැනීමක් කළ හැකියි, නමුත් කාලය වේගයෙන් ගෙවී යයි. ඔබගේ නම, ඔබට කියන්නට ඇති අදහසක් සමග ඉංග්‍රීසියෙන්, සිංහලෙන්, හෝ දෙමළෙන් පහත සඳහන් කරන්න. නොවැදගත් සුළු පිරිසකගේ උන්මත්තක ක්‍රියාවන්ට සහ වර්ගවාදයට එරෙහි වන්න. පහතින් ඔබේ නම සඳහන් කර, මැර ප්‍රචණ්ඩත්වය  මුදා හැරීම සහ ස්වමතයේම ගිලී අන්  සියල්ල හෙළා දැකීමේ පිළිවෙතට විරෝධය පළ කරන්න.

අප සටන් කළ යුතු නම්, විනාශ කර දැමිය යුතුයැයි තමන් කියා සිටින දේ පමණක් නොව, තමන් ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා යැයි කියන දේත් අනතුරේ හෙළන අන්තවාදින්ගෙන් ශ්‍රී ලංකාව මුදා ගැනීම උදෙසා ඒ සටන දියත් කරමු.

ඔබේ නම මෙහි ඇතුළත් කර, අනෙක් අය වෙතත් මේ පණිවුඩය යවන්න.

ඉදිරියේදී මොනවද කෙරෙන්නෙ?

මාසයකට පසුව අත්සන් කළ සියලු දෙනාගේම නම් සහ ඔවුන් පල කල අදහස් මුද්‍රණය කර, ජනාධිපති ලේකම් කාර්යාලයට, අගමැති කාර්යාලයට, ආගමික කටයුතු සහ සදාචාර වර්ධන අමාත්‍යාංශයට, සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට, ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවට, හින්දු ආගමික සහ සංස්කාතික කටයුතු දෙපාර්තමේන්තුවට සහ මුස්ලිම් ආගමික සහ සංස්කාතික කටයුතු දෙපාර්තමේන්තුවට ලබා දෙනු ඇත.

How to sign up?

Join hundreds of others by adding your name as a comment to this blog post. This is the preferred mode of input, and scrolling through the other comments can help to frame your own thoughts. For those who find this difficult, send us your comment and name using the form below, which we will as quickly as possible, add to the site. As a final resort, you can always email the comment to editors@groundviews.org. Bear in mind however that human resources curating this site are limited, so it may take a while for your comment to appear. Please bear with us.

This campaign ran from 27 April to 31 May 2012. More details here.

About Sanjana

An Ashoka, Rotary World Peace and TED Fellow alumn, I have for over fourteen years explored and advocated the use of Information and Communications Technologies (ICTs) to strengthen a just peace, reconciliation, human rights and democratic governance. I set up and curate the award winning Groundviews, Sri Lanka's first citizen journalism website. An expert on new media literacy, web activism, digital security and online advocacy in Sri Lanka and internationally, I also work extensively on the advancement of information management during crises, both sudden-onset and protracted. I am a recognized expert and trainer on digital security for activists and journalists at risk, using technology and encryption to capture, disseminate and archive vital stories during the war in Sri Lanka and in austere human rights contexts.

56 responses to “මගේ නාමයෙන් නම් නොවේ: ආගමික අන්තවාදයට එරෙහිව

  1. Nadie Kammallaweera

    මම නදී කම්මැල්ලවීර. මම සිංහල කතා කරන බෞද්ධයෙක්. අන්‍ය ආගම් හෙළා දකින, මේ බෞද්ධආගමික උන්මාදය මගේ නාමයෙන් නම් නොවේ. සාදුකාර දෙමින් ඉතා අශීලාචාර ලෙස උන්මත්තකයින් සේ හැසිරීම, වෛරය වැපිරවීම, බුදු රජාණන් වහන්සේගේ ධර්මය බරපතල ලෙස පාවා දීමකි……..මේ භික්ෂූණ්ටත්, මැරයින්ටත් (දෙකොටස අතර වෙනස කහ සිවුරු රෙද්දක් පමණි) තමන් බෞද්ධාගමිකයින්යැයි කියන්නට කිසිදු අයිතියක් නැත…. බෞද්ධාගමේ සැබෑ, විනාශකාරී සතුරන් නම් ඔවුන්ය……

  2. Sahan Narampanava

    මම සහන් නාරම්පනාව. එදා ඒ පිරිස ක්‍රියාකළ ආකාරය හරිම අවිනීතයි. බුදු දහම රකින මුර දේවතාවුන් මෙලෙස සිවුරු උස්සගෙන දබර ඇගිල්ල උළුක්කු කරමින් අසල් වැසි සිංහල ජනතාවට බනිමින්, පොලිසිය හා ගැටෙමින්, හමුදාවේ අය සමග ගැටෙමින් සිවුරු ගලවා කෑ ගසමින්, ඒ කල නින්දිත ක්‍රියාව බුදු දහමට නිගාවක්. මෙවන් හිමිවරු බුදු සසුනෙන් නෙරපිය යුතුයි. සංග සභාවට සංග විනය කටයුතු සිදු කල නොහැකිනම් රටේ පොදු නීතිය යටතේ මේ වගේ බුදු දහමට අපහාස කරනවුන් දඬුවම් පැමිණවිය යුතුයි. නිමල බුදු දහම මුළු ලොවෙහිම ප්‍රචලිත වන මෙවන් වකවානුවක පෞද්ගලික හේතුන් මත මෙලෙස රට පාවාදීම නම් කිසිසේත්ම අනුමත කල නොහැක.

  3. kasun Kalhara

    මම කසුන් කල්හාර. දඹුල්ලේ සිදුවූ මේ සිදුවීම අපේ රටේ අනෙක් බොහෝ සිදුවිම් වගේම ලොකු විහිලුවක්. නමුත් මේ විහිලු වලින් ඇතිවෙන්නේ රටම වනසන අතිශය භයංකර තත්ත්වයක්. දශක ගණනාවත් තිස්සේ දරුණු විනාශකාරී දේවල් අත්දැක්ක අපි වගේ සමාජයක තාමත් ජාති, ආගම් මුල් කරගෙන මේ වගේ තත්ත්වයන් ඇති වෙනවා කියන එක හරිම අවාසනාවන්ත දෙයක්……

    මම මුස්ලිම් සහ හින්දු සහෝදරයින් වෙත කරන ආයාචනය නම් බෞද්ධාගමිකයින් සහ මේ නින්දා සහගත සිදුවිම අතර කිසිදු සම්බන්ධයක් නැතැයි යන්න විශ්වාස කරන ලෙසයි…….

  4. prasanna

    මම ප්‍රසන්න මහගමගේ.මම ශ්‍රී ලාංකිකයෙක්.කුමන ආකාරයක හෝ ප්‍රචණ්ඩත්වයක් මාගේ නාමයෙන් නම් නොවේ.මාගේ දෙමව්පියන්ගේ ද,මාගේ සහෝදර සහෝදරියන්ගේ ද,මාගේ මිතුරන්ගේ ද, නාමයෙන් නම් නොවේ.

  5. Daminda

    mama Daminda, Agamika wargawadaya thulin mathukarannata uthsaha kerena Prachandathwayatath, e haraha aththa saha apa muhuna diya yuthu prashna wasan karannata uthsaha kirimathath mama anumatha nokarami.

  6. sugath jayasundara

    මේ අශීලාචාර හැසිරීම මගේ නාමයෙන් නම් නොවේ.

  7. Uthpala Bandara

    මෙවැනි අවිනීත ක්‍රියා මාගේ නාමයෙන් නම් නොවේ

  8. සම්පත් සමරකෝන්

    ‘අද ආවේ බෙෘද්ධ කොඩි අරගෙන මේක අයින් කරේ නැතිනම් හෙට එන්නේ මෙහෙම නෙමෙයි.‘‘ කහ සිවුරක් පොරවාගත් ව්‍යාපාරික සුමංගල හිමි(?) මීට ටික දවසකට පෙර දඹුල්ලේදී කීවේ, කණ්ඩලම හෝටලය හැදුවොත් ගිණිතබා ගන්නා බව මීට වසර කිහිපයකට පෙර වදාල එම හිමි, අද හම හෝටලයේ මාංශ බුදිමින් ආ හයියෙන්ය.

    ‘‘කොටි දහස් ගණනක් ඉවර කරපු අපිට මුං කජ්ජක්ද“ යැයි ඊට පසු දායකයින් සමග පවසා ඇති බව මාගේ මිතුරෙක් කීවේය.
    දැන් මේ කතා දෙකෙන් ම පහැදිලි වන්නේ චීවරයට යටින් මෝරා ඇති මුග්ධ කම නොවේද?

    අනෙක නම් මෙම කිහ චීවරය පොරවා ගෙන ඇති ගෝත්‍රික චීවරදාරීන් මෙසේ කියමින් ජනතාව ප්‍රචණ්ඩත්වය කරා තල්ලු කර පසුව පිරිත් සජ්ජායනා කළේ ය. ජනතාව සාදු සාදු… කීවේ ය. .

    මින් පැහැදිලිවන අනෙක් ප්‍රධානතම දෙය වන්නේ මෙය අවිචාරවත් සිංහල බෙෘද්ධයාගේ යුධ ජයග්‍රණයේ උන්මාදයයි…

    එබැවින් මෙවන් මුග්ධ ක්‍රියා, කුඩාකල බුද්ධ ධර්මය ඉගෙන ගත් ‘මාගේ නාමයෙන් නම් නොවේ‘

  9. නාද්‍යා පෙරේරා

    මම නාද්‍යා පෙරේරා. ඉන්ටර්නෙට් එක හරහා කරන කමෙන්ට් එකකකින් තත්ත්වය වෙනස් වෙයි කියලා හිතන්න අමාරුයි. ලේසි වැඩියි. ඒත් මේ කිසිම දෙයක තේරුමක් නැහැ කියලා මුකුත්ම නොකියා නිහඩව බලං ඉන්න එක ඊටත් වැඩිය ලෙහෙසියි. අවදානම්.

    “THEY CAME FIRST for the Communists,
    And I didn’t speak up because I wasn’t a Communist

    THEN THEY CAME for the Jews,
    And I didn’t speak up because I wasn’t a Jew

    THEN THEY CAME for the trade unionists,
    And I didn’t speak up because I wasn’t a trade unionist

    THEN THEY CAME for the Catholics,
    And I didn’t speak up because I was a protestant

    THEN THEY CAME for me,
    And by that time no one was left to speak up”

  10. ලක්මල් ගලප්පත්ති

    තමන්ගේ අභීමතය පරිදි ආගමක් ඇදහීම සදහා සියලු පුරවැසියන්ට අයිතියක් සේම නිදහසක්ද තිබිය යුතුය. බෞද්ධයාට වේවා, කතෝලිකයාට වේවා, හින්දු හෝ ඉස්ලාම් ආගමිකයාට වේවා මෙය පොදු විය යුතුවාක් මෙන්ම උපතින් තමා අයත්වන ආගම සමග තමා එකග නොවන්නේනම් එය වෙනස් කර ගැනීම සදහාද නිදහස තිබිය යුතුය. කෙසේ වෙතත් බෞද්ධ හෝ වෙනත් කිසිදු ආගමිකයෙකු මූලධර්මවාදියෙකු ලෙස කටයුතු කරන්නේනම් හා අනෙකාගේ ආගම් ඇදහීමේ නිදහසට බාධා කරන්නේනම් එය තරයේම හෙළාදැකිය යුතුයි… දඩුවම් ලබා දිය යුතුයි..

  11. මම ජනිත් විපුලගුණ නම් වෙමි. චිත්‍ර කලාවේ මෙන්ම ලේඛන කලාවේ නියුතු වෙමි. ශුද්ධ සිංහල කතා කරන, උපතින් බෞද්ධ කියල අහල තියෙන අයෙක්. දැන් ගන්ධබ්බයෙක් නොවන බව දැනගෙන, මාක්ස්වාදයට ගරු කරන කෙනෙක්. ආගම්වාදය ඇතුළු සියලු ආකාරයේ වර්ගවාදයන් එක හෙළාම පිටු දකින කෙනෙක්. වර්ගවාදී සහ ප්‍රාදේශීයවාදී මුග්ධ ආණ්ඩුවක ආශීර්වාදය ලබමින් දඹුල්ලේ දී තෙං කෙළිය උන්ගේ රග සොබා මුළු ලොවම අත් විදිමින් ඉන්න නිසා උන්ගේ කෙරුවාව ගැන මම කිසිවක් නො ලියමි.

    ආණ්ඩුව ජන සංහාරක යුද්ධයක නියැළෙන විට මම උතුරේ සති ගණනාවක් ගතකොට දකුණට විත් ලියූ දේ දැකපු සමහර වුන් මට කොටියා කීවේය. 1983 දී ද වසල පිරිසක් එ වකට පැවැතුණු මුග්ධ ආණ්ඩුවක අනුග්‍රහය ලබමින් ජාති ආලය වපුරන කල, අපේ ගමේ (මාතර-වැලිගම-දෙණිපිටියේ) දමිළයෙක් වූ අප්පා දොරේගේ සුරුට්ටු කඩේ පුච්චන උන් දිහා කිසිවක් කර කියා ගත නො හැකිව කදුළු පිරි දෑසින්බලා සිටි මම, කළු ජූලියට වසර 20 ක් සපිරුණු දා රාවයට ලිපියක් ලියූ පසුව ද ඇතැම් හු මට කොටියා කීවේ ය.

    අද වන විට දඹුල්ලේ දී සාධුකාර මැද පල්ලි කඩන පාපතරයන්ට එරෙහිව පෑන පසෙක ලා මුගුරක් ගත හැකි නම් එය ඩා අගනේය. එතැන් හි දී මම තිරිසනෙක් නොවන බව, තවමත් ජීවතුන් අතර සිටිනමා වැදූ හැදූ දෙමව්පියන් ද දෙස් දෙනු ඇත.

    එහෙයින් දඹුල්ලේ සාදුකාරයන් අපේ මතු පරපුරේ ප්‍රගමණය උදෙසා නොවේ.

  12. Indunil Kankanamghe

    මම ඉඳුනිල් කංකානම්ගේ. හොඳ සිංහල බෞද්ධයෙක්.
    සිවුරු පොරවගත්ත බුද්ධ දර්ශනයට නිගා දෙවන අමන තක්කඩි හාමුදුරු මුදලාලිලා මුළු රටටම, බෞද්ධ සංහතියටම අවමානයක්. මෙවැනි උන්මත්තක මූලධර්මවාදී හොර තක්කඩින්ගේ සහ ජාතිවාදය වපුරණ ආණ්ඩුවේ අවශ්‍යතාව සිංහල, ද්‍රවිඩ සහ මුස්ලිම් ජනතාව මේ මොහොතේ මනාව තේරුම් ගත යුතුයි.
    රාජපක්ෂ රෙජිමයට අවශ්‍ය වන්නෙ අප ජාතින් ලෙස, ආගම් ලෙස සහ වෙනත් මොනයම්ම හේතුවක් ලෙසට හෝ බෙදී වෙන්වී සිටීමයි, එකිනෙකා හා කුලල් කා ගැනීමයි. අප ජාතිවාදී, ආගම්වාදී පැත්තට තල්ලුකර අපේ අවධානය අන් අතකට යොමු කර උන්ට රිසි ලෙස මේ රට කොල්ල කෑමට සහ සූරා කෑමට මාර්ගය සාදා ගැනීමයි. රාජපක්ෂ රෙජිමයේ මෙවැනි තක්කඩි උවමනාවන්ට සෘජු දායකත්වයක් ඉනාමළුවේ සුමංගලලා වැනියවුන් සපයයි.
    මෙය තේරුම් ගෙන මෙවැනි නින්දිත ක්‍රියා හෙලා දැකීම පමනක් නොව මේවට එරෙහිව නැගී සිටීම ද අප විසින් කළ යුතුමය. අතීතයේ සිටම අප ජාතීන් වශයෙන් ආගම් වශයෙන් බෙදා වෙන් කර, එකිනෙකා කෙරෙහි සැකයෙන් බැලීමට එකිනෙකා අවිස්වාස කිරීමට පුරුදු පුහුණු කළ ජාතිවාදී ආගම්වාදී උන්මාදයකින් අප සමාජය නිර්වින්දනය කල දේශපාලකයින්ගේ දේශපාලනික උවමනාවන්හි සැබෑ අරුත වටහා ගෙන අප සියල්ලන් නොබිඳිය හැකි සහෝදර බැම්මෙන් බැදී එකාවන්ව අසාධාරණයට, සූරා කෑමට, ආගම් සහ ජාතිවාදයට එරෙහිව නැගී සිටීමට කාලය පැමින ඇත.

  13. samson fernando

    anthawaadinta wirudda wemu.siyalu aagam walata garu karamu.mandayath api siyalu denaama manushyayo wena nisaaya.

  14. liyanage

    dinu nida hasa nawatha nathi kara ganna epa patu wasiya thaka agama mul kara gana ..budunta niga karanna epa uthum dahama sahallu karnna epa .budunga dahama jiwa manai kiya sunamiyana dakka nadda ….

  15. Lakshman Piyasena

    දඹුල්ලේ සිද්ධිය මුළුමනින්ම බුදු දහමට විරැද්ධ වන අතර එය මෙරට බෙද්ධ සංස්කෘතිය තවදුරටත් අනතරට හෙළන ක්‍රියාවකි.

  16. Jayathilaka bandara

    Jandhipathita saha anith than walata dhunna kiyala kisi dheyak wenne naha. Budhdha puthraya wage penee hitina movunta wirudhdhawa parata bahimu!

  17. නිදහස් අදහස්

    Not in my name! Waruna Perera

  18. නාරද බක්මීවැව

    කිසිවකුගේ ආගමික විශ්වාසයන්ට එරෙහි වීමට අපට සදාචාරමය අයිතියක් නැත. කිසිවකුත් බලහත්කාරයෙන් වෙනත් ආගමකට හරවා ගැනීමටත් අපට අයිතියක් නැත. ඕනෑම කෙනෙකුට තමන් කැමති ආගමක් ඇදහීමේ හිමිකම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇත. එය බුද්ධාගම්, ඉස්ලාම් හෝ ක්‍රිස්තියානි හෝ හින්දු යන ඕනෑම කෙනෙකුට එක හා සමානය.

    එසේම වර්තමානයේ අප ආගම ලෙස හදුනා ගන්නා දෙය තව දුරටත් මිනිසුන්ගේ අධ්‍යාත්මික කාරණාවක් ලෙස නොපවතී. එසේ පවතී නම් එයද ඉතා සුලුවෙනි. වර්තමාන ආගම යනු වෙළදපල තර්කනයට හසුවුන කාරණාවක් බවට විතැන් වි ඇත. මේ හේතුව නිසාම අකමැත්තෙන් වුවත් අප පිළිගතයුතු සත්‍ය නම් ආගම නාමයෙන් සිදුවන බොහෝ දේවල් වල අවසාන පරමාර්ථයත් වෙළදපල තර්කණයට හසු වී ඇති බවයි. එය සෑම පාර්ශවයකම බලය සහ පැවැත්ම වෙනුවෙන් ක්‍රියාත්මක වූ අකාරයද ඉතා පැහැදිළිය. ආගමික නිදහස වෙනුවෙන් පෙනී සිටින්නන්ම එය තමන්ගේ ආගමික නිදහස වෙනුවෙන් පමණක් ලඝු කර ඇත. ආගමේ නාමයෙන් ගැටුම් ඇති කරන්නන් මේ ඇත්ත තේරැම් ගත යුතුයි.

    එසේ නම් ආගම මගින්, සංස්කෘතිය මගින් ශිෂ්ටත්වයට පත් වූ අප ආගම වෙනුවෙන් එහි ඉගැන්වීම් වලට එරෙහි වෙමින් අශිෂ්ටයින් බවට පත් විය යුතුද? අන්තවාදීන් විය යුතුද? ආගම වෛරය පතුරවන්නක් විය යුතුද? අනෙකාගේ සංස්කෘතියට අනෙකාගේ ආගමට ගරැ කරන්නට අප දැන්වත් සුදානම් විය යුතුය.

  19. mohamed abdeen

    ape lankikayo.sama jathiyakatama garu karannamu mawani dawal seduviya youthu naha. mama ethana videyata maya darunu kireyawak. sama danama ak viya youthui

  20. Karu Sooriya

    Religion is the No 1 enemy in the world for peace.Please don’t add our motherland to that catagory for the political advantages.

  21. Lahiru Nuwan Pilapitiya

    Against religious extremism in Sri Lanka

  22. Simon Ayya

    Magey nameng nowey

  23. concernedlankan@gmail.com

    only 22 comments? it is sad that this campaign gets very little support from Sinhala speaking community.

    http://webalochana.blogspot.com/2012/04/blog-post.html

    • Thanks very much for reposting the campaign on your blog.

      • concernedlankan@gmail.com

        I’m sorry that’s not my blog. What I meant to say is this: Not even those who have blogged about it have signed up here. Very little support from Sinhala speaking public. Why? Fear? Or is it safe to conclude that the majority of Sinhala speaking online citizens do not have a favourable opinion regarding this?

      • Seetha Ranjanee

        I sent a comment in Sinhala. Forgot tthe date. Didn’t you get it?

      • No. Please resend. Thank you.

  24. samanmendra@hotmail.com

    මේ ප්‍රචණ්ඩත්වය මගේ නාමයෙන් නම් නොවේ! නීතිය සැමට සාධාරණ විය යුතුය. කිසිදු ආගමකට විශේෂත්වයක් නොදක්වන ලෞකික ආණ්ඩුකරණයක් අපට අවශ්‍ය බවට මේ කණගාටුදායක සිදුවීම් නැවතත් සනාථ කරයි.

  25. Ranjith Henayaka

    වයිරයෙන් පිරුනු සාහසික ක්‍රියවට එරෙහිවෙමු.

  26. Punyadasa Kuruppu

    පුජ්‍ය ඉනාමලුවේ සුමංගල හාමුදුරුවෝ හෝ වෙන කවුරුන් හෝ ආවේගශීලී ලෙස හැසුරුණේ නම් එය අගය කල නො හැකි ය.පුජ්‍ය ඉනාමලුවේ සුමංගල හාමුදුරුවෝ කණ්ඩලම වැව් තාවුල්ලේ ප්‍රශ්නයේ දී ක්‍රීයා කල ආකාරය සමාජයෙ ගෞරවයට හේතු වුනත් මේ ප්‍රශ්නයේ දී හැසිරීම හොඳ නැහැ.මන්ද අපි හැම විට ම ජනවාර්ගික ගැටලු ඇතිවීම වැළැක්වීමට උත්සාහ කළ යුතු බැවිනි.අනෙක් අතට පුජ්‍ය ඉනාමලුවේ සුමංගල හාමුදුරුවෝත් අසත්‍යය ප්‍රකාශ කිරිමට ඉඩ දීල නිහඬතාවය රකින හාමුදුරුවෝනමක් හැටියට මම හදුනගෙන තිබෙන්නේ.ඇයි රංගිරි දඹුලු රජ මහ විහාරයේ නායක පදවිය දරන්නේ අස්ගිරි මහා නායක හාමුදුරුවෝ යී.එහෙම නම් සමහර අවස්ථාවලපුජ්‍ය ඉනාමලුවේ සුමංගල හාමුදුරුවෝරංගිරි දඹුලු රජ මහ විහාරයේ නායක හාමුදුරුවො කියල පුවත් පත්වල ඵල වු විට නිහඬව සිටින්නේ.ආචාර්ය පුණ්‍යදාස කුරුප්පු.

  27. සුකුමාල් හරිස්චන්ද්‍ර

    රටේ නීතියක් තියෙනවා…ඒක හැමෝටම පොදු වෙන්න ඕන.
    දඹුල්ලේ සිද්ධියේදි පැහැදිලි උනේ රටේ නීතිය නිසි පරිදි කටයුතු නොවන බවයි.
    ගිහියෙක් විදියට මට භික්ෂූන්වහන්සේ කෙනෙකුගේ සීලය සම්බන්ධ කටයුතු ගැන විවේචනය කරන්න බෑ. වෙච්ච දේ ගැන ගැන කණගාටුයි…
    හැමෝම මේක ශ්‍රී ලංකාව කියල හිතල, තමන් වගේම රටත් ඉදිරියට ගෙනියන්න හිතාගන්නව නම් හරි…

  28. සංජය සේනානායක

    මගේ නම සංජය සේනානායක. මේ ප්‍රචන්ඩත්වය මගේ නමින් නොවේ.

  29. Roshan C.S.

    ONE COUNTRY…ONE NATION..
    WE ARE SRI LANKANS…….

  30. සංජය සේනානායක

    මගේ නම සංජය සේනානායක. මේ ප්‍රචන්ඩත්වය මගේ නමින් නොවේ.

    කිසිම ආගමකට ව්‍යවස්ථාවෙන් මුල්තැන නොදිය යුතුයි. කිසිම ආ‍ගමකට රජයේ අනුග්‍රහය නොදිය යුතුයි.

  31. d. asanka

    hiwasima,dandima,kordaya,wairaya, gana apata kiyadena apema hamuduruwan. melesa hasuruna nindita kiyawa gana mma bauddayek wasayen laja wenawa. sama deyakma anittayi kiya kiyadunna ape buduhamudurunt. apsa kala inamaluwe nayka hamuduruwanta. vinaya pariksanayk kala yutui. inamaluwe nayaka hamuduruwanta WESSANTARA JATKAYA nodannabawa apta terenawa. melas dadi dadi wairaykin asauruana hamuduruwan mulu lokayatama. ape baudda agama. sinhala jatiya. SRI LANKAWA nindit rajjyak bawa pennuwa. garu janadi pati tumani meyata sadarana visadumak denna nawat api bauddayan bawa pennamin. siyaluma loka wasi sha ape rate sahodara musslim janatawagen. mama SAMAWA ayadinawa AWANKA bauddayek wasayen. oba samata BUDUSARANI !

  32. arshad

    sinhala anthavaadeen kala mema praharayata apgae mithra boudhdhayin(99%) pali netha…,

  33. upul deshappriya

    ekkenek dennek ge weda nisa baudda api lagjawata path wenawa

  34. Rasheed Rila

    මගේ නාමයෙන් නම් නොවේ: ආගමික අන්තවාදයට එරෙහිව

  35. Mohamed Rizwan

    මේ ප්‍රචණ්ඩත්වය මගේ නාමයෙන් නම් නොවේ! නීතිය සැමට සාධාරණ විය යුතුය.

  36. Moiz

    Sri lanka wake-Up U gust finish ur All Trouble’s Now Its Time To Develop Our Country Not other Problem Or Against a Humanity. We Have Together and Build Up Our Nation. Be a One Mother Land One Country Sri Lanka. As any Religion We Have To Obey them so i Ask All Buddhist Monks to Against for What they did in the Dambulla Mosque Not All Are Involved in This some of them for their own ad Vantages I Knew. SO wake up Sri Lanka Build Our Nation Dnt Spoil It Again.

  37. Avanka

    campus eke amathi thumata kollo hoo kiwwama, allang hire lock karanawa, nadu danawa. Eka salakanne campus eke namata karapu nindavak lesa. Meka baudhagamatath islam aagamatath karapu nindavak noveda?

  38. රුවන් වීරසිංහ

    මම රුවන් වීරසිංහ – මෙය මගේ නමින් නම් නොවේ. දමිළ, මුස්ලිම්, බර්ගර් ඇතුලු හැම සුළුතරයකටම ඉඩක් හඬක් තිබෙන ලංකාවක් අපේ ලමයින්ට බිහිකිරීමටයි මගේ කැපවීම. සත්‍යය නම්, මේක තමයි ලංකාවේ බහුතරයකගේ සැබෑ පැතීම. නැගී සිට මේ බව පැහැදිලිව කීමෙන් ඔබත් අනාගත පරපුරට ආඩම්බර විය හැකි රටක් බිහිකරන්න උදව් වන්න.

  39. Ananda Wellappi

    As a real budhist I cannot approve the behaviour of that nayaka thero. Such a so called bikkhus are destroying the budhism in sri lanka.

  40. bunanm

    සුළු අන්තවාදීන් පිරිසක් විසින් නිතිය අතට ගෙන සහෝදර ජනතාවක් රිදවා ජාත්‍යන්තරව ද මව්බිමට කැළලක් ඇතිකරවූ අවිනීත ක්‍රියාව තරයේ හෙළාදකිමි.මෙවන් තුට්ච ක්‍රියාවන්ට අනුබලදෙන ආකාරයේ නම්ය ප්‍රතිපත්තියක් අනුගමනය කරන ,නිතිය ක්‍රියාත්මක නොකර අන්තවාදය පෝසනය කරන රජයත් හෙළාදකිමි.

  41. yaseer arafath

    api sinhala muslim tamil okkoma honding ekamuthuweng jivath wena eka me wage sulu pirisakata balagena inna beriva me gollo jathi vathaya avussala rate antholanayak ethi karannai hadanne, budu hamaduruwo bana pothe kohewath kiyala nehe mewage pahath wedawal karanna kiyala, mewage ayawa api honding hadunagena samajayeng aying karanna one,,,

  42. sirajmy86@gmail.com

    පැහැදිලිවම සදහාන් කරලා තියනවා…….

  43. irshad

    මන් අහන්න කැමති . අය් මේ සුමංගල හාමුදුරුවෝ නීතිමය ක්‍රියාමාර්ග ගන්නැතුව මැරයෝ විදිහට හැසිරෙන්නේ . මේ කඩ බුදු දහම දේශන කරන හමුදුරුකෙනෙකුගේ මාර්ගය ? මේ සුමංගල හමුදුරුගේ දේශනා අහන්නන්ගේ තත්වය ?

  44. sirAj

    පැහැදිලිවම සදහාන් කරලා තියනවා..:)

  45. MOHAMED SHAFI

    I AM A SRI LANKAN ONLY. PLEASE DON’T TRY TO DIVIDE WITH US. I WISH TO HUG OUR RELATIONSHIP TRULY WITH OTHERS.
    THANK YOU.

  46. Fasly

    අද දේශපාලන වශයෙන් බංකොලොත් වී ඇති සමහර පක්ෂ තමන්ගේ දේශපාලන යටි අරමුණ සඳහා ඔවුන් ජාතිවාදය ආයුඩයක් ලෙස බාවිතා කරමින් ජාතීන් අතර අසමගිය ඇතිකරමින් යන බව පැහැදිලිය. මොවුන් තම ජාතීන්ගේ දියුණුව සඳහා ක්‍රියා නොකර අන්‍ය ජාතීන්ගේ අයිතිවාසිකම් උදුරාගෙනීමේ අරමුණ ප්‍රදාන ඉලක්කය ලෙස කටයුතු කරමින් යයි.

    දඹුල්ල පල්ලිය පූජා භූමියට අවහිරනම් එය කලයුත්තේ සුහද සාකච්චා මාර්ගයෙන් නොව, බිය කිරීමෙන් හෝ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමෙන් නොවේ. අනවසර ඉදිකිරීම නම් ඊට ගතයුතු ක්‍රියා මාර්ගයක් තිබේ. නීතිය අතට ගනිමින් මෙසේ ක්‍රියා කිරීම සුළු ජාතීන් බිය ගෙන්වීමක් ලෙස හැදින්විය හැක.

    ගනගාතුම කාරණය වන්නේ මෙම ප්‍රචණ්ඩ ක්‍රියාව රාජ්‍ය නායකයා හෝ රජයේ මාද්‍ය හෙලා නොදක මුනිවත රකින එකයි. රටේ සුළු ජාතියක් නොමැත බවත් සියල්ලෝම ස්රිලාංකිකයෝ බව රාජ්‍ය නායකයාගේ වචනය වචයට පමණක් සීමාවක් වී ඇත.

    මේ ක්‍රියා කලාපයට සම්බන්ද අය නීතියේ ඉදිරියට නොගන්නේනම් එය රටේ අනාගත සාමයට ප්‍රබල පහරක් වී යයි කිසි සැකයක් නොමැත.

  47. S.Mohamed Ismail

    we are too Against religious extremism in Sri Lanka

  48. Muhammed Hasan

    බෞද්ධ බැතිමතුන් යැයි පවසාගන්නා පිරිසක්, දඹුල්ල පල්ලියට බලයෙන් ඇතුළුවීම, එහි මුස්ලිම්වරුන්ව ‍පොලිසිය බලයෙන් ඉවත් කිරීම, පල්ලියට අලාභ හානි සිදු කිරීම හා විශේෂයෙන් මුස්ලිම්වරුන්ගේ ආගමික ග්රන්ථය වන ශුද්ධ කුර්ආනය වීසි කිරීම:-

    1.මෙම ක්රියාව මිනිසෙකුගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමකි. ශ්රී ලංකා ජනරජයේ ආණ්ඩු ක්රම ව්යවස්ථාවට අනුව ඕනෑම පුද්ගලයෙකුට, තමාට කැමති ආගමක් ඇදහිය හැකිය. නමුත් ඉහත ක්රි යාවලින් එම අයිතිය පිරිසක් විසින් නැති කර දමා ඇත.

    2. මෙම සිද්ධියට මූලිකව කටයුතු කර ඇත්තේ ප්රසිද්ධ භික්ෂූන් දෙදෙනෙකි. එයින් එක් භික්ෂුව, ඉනාමළුවේ සුමංගල හිමිය. අනෙක් භික්ෂුව අක්මීමන දම්මරතන හිමිය. මෙම භික්ෂූන් දෙදෙනාට එරෙහිව “කොළඹ පිහිටි මානව හිමිකම් කොමිසම” හමුවේ පැමිණිලි කිරීම ඉතා වැදගත් කාර්යයක් වේ. මානව හිමිකම් කොමිසමේ නීති රීතිවලට අනුව, සිද්ධියක් ඇති වී සති දෙකක් තුළ පැමිණිලි කළ යුතුය. සති දෙකක් ගත වී පැමිණිලි කළේ නම් පැමිණිල්ල භාර නොගැනේ.

    3. පොලිසිය එදින මුස්ලිම්වරුන්ව එම පල්ලියෙන් ඉවත් කර, එම පල්ලියේ දොරට මුද්රා තැබූ වගක් වීඩීයෝවලින් පැහැදිලිව පෙනේ. පොලිසියට උසාවියේ නියෝගයකින් තොරව මෙවැනි ක්රියා මාර්ගයක් ගැනීමට නීතියෙන් අයිතියක් නැත. පොලීසිය තමන්ගේ රාජකාරිය නිසියාකාරව ඉටු කළේ නම් මෙම සිද්ධිය එතරම් දුර දිගට යන්නේ නැත. පොලීසිය ශ්රීලංකා පොලිසියක් හැටියට නොව, සිංහල පොලිසියක් හැටියට හැසිරුණේය. වීරෝධාර හමුදා භටයෝ අවංකවම මෙය මැඩ පැවැත්වීමට වෙහෙස දැරූහ. එනිසා පොලිසියට එරෙහිවද පැමිණිල්ල ගොනු කළ යුතුය. “අප එසේ ඉඩ නොදුන්නේ නම්, දඹුල්ලේ කඩවල් පවා ගිනිබත් වීමට ඉඩ තිබුණි “ යැයි පොලීසියේ ඉහළ නිලධාරියෙක් පවසන වගක් වීඩීයෝ පටවලින් පෙනේ. රජයේ දේශපාලන බලවතෙකුට එරෙහිව දහසක පමණ කණ්ඩායමක් පැමිණියහොත් පොලීසිය හැසිරෙන්නේ මේ අන්දමටමද? දස දහස් ගණනකින් යුත් පෙළපාලිකරුවන්ව පොලීසිය මෙයට පෙර නවතා නැද්ද? පොලීසියේ පක්ෂපාතිත්වය මනාව ඔප්පු වේ.

    4. කිසිම මුස්ලිම්වරයෙකුට වැසිකිලි භාවිතයට පවා ඇතුළු විය නොහැකි බව මුස්ලිම්වරුන්ට නිග්රහ කරමින් අක්මීමන දම්ම රතන භික්ෂුව පොලිසියේ ඉහළ නිලධාරියෙක් විසින් දුන් ලියවිල්ලක් කියවයි. මෙසේ කවර පිරිසකට හෝ රටක ක්රියා කිරීමේ අයිතියක් තිබේ නම්, උසාවි පවත්වාගෙන යාමේ කිසිම තේරුමක් නැත.

    5. දේශපාලන නායකයින් සෑම තීන්දුවක් ගන්නේ, තමන්ගේ බලය තවත් තහවුරු කරගත හැකි අන්දමටය. “ඉහත කී පල්ලිය සම්බන්ධව අයිතිවාසිකම් කියා පාන දෙපිරිසම උසාවි මාර්ගයෙන් තීන්දුව ලබාගන්න” යන මාදිලියේ තීන්දුවක් ජනාධිපතිවරයාගෙන් බලාපොරොත්තු විය හැකිය. නමුත් මෙම ප්රකාශයම කලින් දී තිබුනේ නම් මෙම කිසිම සිදුවීමක් සිදුවන්නේ නැත. එමෙන්ම නීතියට අතට ගෙන ක්රියා කළ එම භික්ෂූන් දෙදෙනාට එරෙහිව නීතිය මගින් ක්රියා කරන්නට යන වගක් ආණ්ඩුවෙන් බලාපොරොත්තු විය ‍නොහැකිය. හේතුව එවැනි අවංක දේශපාලකයින් අද දක්නට නොමැත.

    6. කෙසේ වෙතත් මෙම භික්ෂූන් දෙදෙනාට එරෙහිව “මානව හිමිකම් කොමිසමට” පැමිණිලි නොකළහොත් මුස්ලිම් පල්ලිවලට එරෙහි මෙවැනි ආක්රමනික ක්රියා නවතින්නේ නැත.

  49. Shelby Tucker

    As a visitor to Ceylon in 1960 and to Sri Lanka fifty years later in connection with writing “Two Roads”, I urge the good people of your beautiful land to tolerate no religious intolerance.

  50. Rushani Chandrasena

    mema Kriyawa Itha Pahath, thuchcha ekak bawa ma pawasami. eya hela dakimi. ape rata prajathantrika andu kramayak sahita bawin siyalu minisun hata tama kamati agamak adaheeme aytiyak atha.

    mema bikshungen asimata mahata prshnayak ata, enam budurajann wahanse mehi wadavisuwenam kumkkarida ? mema bikshuwa tama srawakayanta dena adarshaya kumakda.
    budun tama dharmaya desuwe mema ratatath wadiya wiwidawu agam niyayan dharmayan wishwasaya sahitha wathawaranayak thulawe. namut etuma an agamwalat melesa agaru kale natha. esenam mohuge niyojanaya karana dharmaya kumakda ? kiya siyalu bauddayan soya baliya uthuya.
    meya Lnkawat avadanm sahita wana kriyawak menma, bududahame garutwaya prihime prabala lakunak lesa hdunwa diya haka. bududaham pirihimat lakkaranne anaagamikayam bawa pawasuwada eya karanne baudda bikshunma baya apata pene.

  51. faizal

    ප්‍රතමයෙන් ඔබ සියල්ලන්ට මාගෙ ස්තූතිය පිරිනමන්නෙමි. මෙවනි වෑඩසටහන් විකාශ කිරීම වෙනුවෙන්. නියතවශයෙන්ම ආචාර්ය දබර අමිල හිමි වහන්සෙ වීසින් connections tv එකට පවත්වන ලද දෙශනාව අපගෙ මව්බිමෙ සියලුම ජන්තාව සවන් දිය යුතුය්. අනුගමනය කල යුතුය්.

About Groundviews

Groundviews is Sri Lanka's first and international award-winning citizens journalism website uses a range of genres and media to highlight alternative perspectives on governance, human rights, the arts and literature, peacebuilding and other issues.

About Moving Images

Moving Images is a series of stunning audio, video and photographic portraits on facets of life in post-war SriLanka. These high-definition productions, the country’s first, range from portraits of resilience from the war ravaged Jaffna and reflections on theEurasian community by the last surviving Eurasians themselves to fascinating lives in Colombo invisible even to most who live and work in the city.

Groundviews Updates

%d bloggers like this: